මෙරට සිටි සිරකරුවන් රැසක් පාකිස්තානයට

0
50

සිරකරු හුවමාරු කිරීමේ පනත යටතේ මෙරට බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56 දෙනෙකු යළි පාකිස්තානයට පිටත්කර යවා තිබේ. 

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් පිරිසක් මෙලෙස පාකිස්තානය වෙත යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව පාකිස්තාන ජාතික කාන්තා රැදවියන් පස් දෙනෙකු සහ පිරිමි රැදවියන් 51 දෙනෙකු පාකිස්තානයට අයත් විශේෂ ගුවන් යානයකින් අද (6)  දිනයේ එරට බලා පිටත්ව ගොස් තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩිම රැදවියන් පිරිසක් හුවමාරු කළ ප්‍රථම අවස්ථාව මෙය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී.දිසානායක මහතා සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ පාකිස්තාන තානාපති කාර්යාලය මැදිහත්වීම මත මෙම සිරකරු හුවමාරු වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

මෙම රැදවියන් සඳහා ලබා දී ඇති සිරදඞුවම සිය මව් රටේ බන්ධනාගාර තුළ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here