මීලඟ සක්විති ධර්මසේනද?

0
58

(ලංකා ඊ නිව්ස් -2024.අප්‍රේල්.15, ප.ව.3.00) නිසි අවසර නොමැතිව ආයෝජන යැයි කියමින් හෝ තැන්පත් බාර ගැනීමට නොහැකි බව මහ බැංකුව විසින් පුන පුනා කියා සිටියදී එයට එරෙහිව වීඩියෝවක් නිකුත් කිරීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර ධර්මසේන කටයුතු කිරීම මේ වන විට සමාජය තුළ කතා බහට ලක්ව තිබේ.කෙසේවුවද, මෙසේ මහ බැංකුවට අභියෝග කිරීමට කුමාර හිටි හැටියේ පටන්ගෙන ඇත්තේ ඔහුගේ අතිජාත මිත්‍ර නාමල් රාජපක්ෂගේ කීමට බව ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත. මෙම ව්‍යාපෘතිය කුමාර ධර්මසේන විසින් ආරම්භ කරන ලද්දේ නාමල් රාජපක්ෂගේ පූර්ණ සහයෝගය ඇතිවය.කුමාර ගේ අභියෝගය හරි අපූරු එකකි.තැන්පතු ලබාගත හැක්කේ ප්‍රධාන වශයෙන්ම බැංකු පනත යටතේ බැංකුවලට සහ මුදල් ව්‍යාපාර පනත යටතේ මූල්‍ය සමාගම්වලට පමණක් බව මහ බැංකුවේ සහකාර අධිපති කේ.ජී.පී. සිරිකුමාර කියා සිටියදී කුමාර වීඩියෝවක් මුදා හරිමින් කියා සිටින්නේ තම ආයතනය නිසි ලෙස පවත්වාගෙන යන බැවින් තමන් ඩිපොසිට් නැත්නම් තැන්පතු “ආයෝජන”යැයි කියමින් මහජනතාවගෙන් මුදල් ලබා ගැනීම ගැටලුවක් නොවන බවය.එපමණක් නොව මහ බැංකුව විසින් බැංකු හා මූල්‍ය ආයතනවලට උපරිම පොලියක් නියම කර තිබියදී පිංතැන්නට ගන්නා තැන්පතු වලට 54%ක ප්‍රතිලාභයක් ද ලබාදෙන බවට ප්‍රසිද්ධ දැන්වීම් පල කර තිබේ.වල්ලපට්ට තහනම කුමාර ධර්මසේනට නැද්ද?වල්ලපට්ට ශාකය කැපීම ළඟ තබා ගැනීම හෝ ව්‍යාපාර කිරීම ලංකාව තුළ තහනම්ව තිබියදී කුමාර ධර්මසේනට එම අවස්ථාව ලැබී ඇත්තේද ප්‍රබල දේශපාලකයෙකුගේ ආශිර්වාදය ඇතිවය.මෑතකදී ඔහු සෞදි අරාබියේ සුවඳ විලවුන් ඇතුළු වල්ලපට්ට නිපැයුම් ප්‍රදර්ශනාගාරයක් විවෘත කළේය. එම ප්‍රදර්ශනාගාරයේ මෙරටින් පිට රට යැවිය නොහැකි වල්ලපට්ට කැබලිද ප්‍රදර්ශනය කර තිබුණි. මේ අනුව රට පැටවිය නොහැකි වල්ලපට්ට ශාක කැබලි පිට රට යැවීමේ විශේෂ අවසරයක් කුමාර ධර්මසේනට තිබිය යුතුය.තමාට මඩ ගහනවා යැයි කියමින් කුමාර ධර්මසේන සමාජ මාධ්‍යයට මුදා හැරි වීඩියෝවට විශාල බෙදා හැරීමේ සහයක් දී ඇත්තේ ද පසුගිය කාලයේ දේශපාලකයෙකුගේ ට්විටර් ගිනුමේ සිට මෑතකදී ගින්දර නැතිව කොකිස් බදිනා පිංතූරය දක්වාම ප්‍රචාරය ලබාදුන් මාධ්‍ය ගෝල නඩයයි. නාමල්ගේ ට්වීට් භාරකරු වන බිස්නස් මාධ්‍යවේදීයෙකු මෙහි ප්‍රධාන භූමිකාවක් සිදු කරයි.නීති රෙගුලාසි බල්ලාට දමා..බැංකුවකට මුදල් තැන්පතු ලබා ගැනීමට ද නීති රෙගුලාසි පවතී, බැංකුවලට අදාළ බලපත්‍ර ලබාදීමේදී ජනතාවගෙන් තැන්පතු ලබා ගන්නා විට ඉන් 20%ක කොටසක් මහ බැංකුවේ තන්පතුවක් ලෙස තැබීම එම කොන්දේසි වලින් ප්‍රධාන එකකි.මූල්‍ය නීති එසේ තනා ඇත්තේ මුදල් තැන්පත් කරන අහිංසක ජනතාවගේ තැන්පතුවලට ආරක්ෂාවක් ලබාදීමට බවයි.කුමාරගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප මහ බැංකුවේ නම හෙළි කළ නොහැකි ප්‍රධාන නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු අපෙන් ප්‍රශ්න කර සිටියේ කුමාර කියන ආකාරයට විදෙස් විනිමය ගෙනෙනවා යැයි කියූ පමණින් මහ බැංකුවේ කිසිදු අධීක්ෂණයක් නොමැතිව පුද්ගලික සමාගමකට ජනතාවගෙන් ලබාගන්නා තැන්පතු හිතුමතේ වියදම් කිරීමට අවස්ථාව ලබාදීම සාධාරණ ද යන්නයි.කුමාරට ඒ අවස්ථාව දිය හැකි නම් එම ව්‍යාපාරයම කරන අනෙක් අයට එම අවස්ථාව ලබා නොදී සිටිය හැකි ද යන්නත් ඔහු ප්‍රශ්න කර සිටියේය.කළු සල්ලි ආයෝජන..එසේම පසුගිය කාලයේ මෙවැනි ආයෝජන බොහොමයක කළු සල්ලි ආයෝජනය වූ බවත් එයට වගකියන්නේ කවුරුන්ද යන්නත් ඔහු විමසා සිටියේය.සක්විති රණසිංහ, තිලිණි ප්‍රියමාලි වැනි අයද සිදුකරනු ලැබුවේ ආයෝජන යැයි කියමින් ජනතාවගේ මුදල් එකතු කිරීම බවත් එහි හා කුමාර ධර්මසේනගේ පිංතැන්න මුදල් ආයෝජන අතර වෙනසක් නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය.බැංකු හා පහත මූල්‍ය සමාගම් හැරුණ කල ජනතාවගේ තැන්පතු භාර ගැනීමට කිසිවකුට නීත්‍යානුකූල අයිතියක් නැති බවත්, NGO කාරයින්ට කවුද හරියට ව්‍යාපාර කරන්නේ කවුද හරියට ව්‍යාපාර නොකරන්නේ කාටද තැන්පතු බාර ගැනීමට අවසර දිය යුත්තේ යනුවෙන් තීන්දු තීරණ ගැනීමට ද අයිතියක් නැතැයිද ඔහු කීය.මේ අනුව බරපතල වරදක් සිදු කර ඇති කුමාර ධර්මසේන ද සක්විති හා ප්‍රියමාලි මෙන් අත් අඩංගුවට ගත යුතුය.Copyright by lanka e news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here