මැතිවරණ කල් දැමීම කිසිලෙසකින්වත් අනුමත කරන්න බෑ!-නාමල් රාජපක්ෂ

0
61

මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නෑ -නාමල් රාජපක්ෂ

මැතිවරණ කල් දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවතේ රැස්වීමක් අවසානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක. මූලික ප්‍රතිපත්තිවලට හානි කරයි.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේදී වෙලාවට ඡන්දෙ තිබ්බා.මැතිවරණ කල් දැම්මෙ නෑ. දේශපාලන මෙන්ම රටක ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවේ යැයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here