මෙතෙක් පැවති රජයන් ප්‍රභුවරුන්ට ලබාදුන් වරප්‍රසාද නොමැතිව ඉදිරියේදි පාර්ලිමේන්තුවේදි වතුකරයේ ජනතාව වෙනුවෙන් සේවය කිරිමට තමන් කැපවෙන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ කදුරට ජනතා පෙරමුණේ නායක වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.
වි.රාධාක්‍රිෂ්ණන් මහතා හැටන් නගරයේ පක්ෂ කාර්යාලයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ නාස්තිය අවම කිරිම සදහා මන්ත්‍රිවරුන්ට ලබාදෙන වරප්‍රසාද අවම කිරිමට තිරණයක් ගෙන ඇති බවත්, එම තිරණය මත යමින් තමන් වතුකරයේ ජනතාව වෙනුවෙන් කැපවි වැඩ කරන බවත්, තමන් ව්‍යවසායකයෙකු බැවින් තමන්ට හොද ආදායම් තත්ත්වයක් තිබෙන බවයි.
මෙවර මහ මැතිවරණයේදි වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිතියක් අලියා සලකුණින් තරග කිරිමට තිරණය කර ඇති බවත්, වතුකරයේ ජනතාව අලියා සලකුණ ප්‍රතික්ෂේප කර වසර ගණනාවක් ගත වි ඇති බවයි වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.
මහ මැතිවරණයේදි මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කල හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනෙක් සහ මන්ත්‍රිවරුන් ගණනාවක් මෙවර තරග නොකරන බවත්, එම පිරිස දුෂණ වංචා ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින නිසා ජනතාව ප්‍රතික්ෂේප කර ඇති නිසා ඔවුන් තරග නොකරන බවයි වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.
මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත්, බිත්තර මිල යලි ඉහල යාම මෙවර මැතිවරණයේ තිරණාත්මක සාධකයක් වන බවයි වි.රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
– රංජිත් රාජපක්ෂ