බිත්තරක් රු.40ට දෙන්න බැරි නම් ආනයනය කරනවා

0
35

බිත්තරයක සිල්ලර මිල රුපියල් 40ක් දක්වා අඩු නොකරන්නේ නම් බිත්තර ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

රුපියල් හයකින් බිත්තරයක මිල අඩුවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තමන් පාරිභෝගික අධිකාරියෙන් වාර්තාවක් පවා ගෙන තිබෙන බවත් බිත්තරය රු. 40කට ලබා දීමට නොහැකි නම් ආනයනය කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉදිරියේදී උත්සව සමය ආරම්භ වන හෙයින් කේක් නිෂ්පාදකයින්ට බිත්තර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා ඔවුන්ට වෙළෙඳපොළෙන් අවශ්‍ය පරිදි බිත්තර මිලදී ගැනීමට නොහැකිවුවහොත් අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බව ප්‍රනාන්දු මහතා කියාසිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here