බාල ටින් මාළු කන්ටේනර් 30ක් වරායේ කොටුවෙයි..

0
37

චීනයෙන් ආනයනය කළ තත්ත්වයෙන් බාල ටින් මාළු කන්ටේනර් 30ක් මේ වන විට වරායේ රඳවා ඇතැයි වාර්තාවේ.

වසර ගණනාවක් අධි ශීත කරණවල බහා තිබූ මාළුවලින් සකස් කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු බාල වර්ගයේ මාළු මෙරටට ආනයනය කර ඇති අතර ඒවා රේගුවෙන් නිදහස් කර ගැනීමේ ගැටලු මතු වී ඇතැයි ද පැවසේ.

ටින් මාළු ආනයනය කිරීම තහනම් කර තිබියදී අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් වියදම් කර ටින්මාළු විශාල ප්‍රමාණයක් ඉකුත් කාලය පුරාවට මෙරටට ආනයනය කර තිබෙන බවද වෙළෙඳ පොළ ආරංචි මාර්ග කියයි.

බාල වර්ගයේ ටින් මාළු ආනයනය කර ඒවා ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි කර එම මුදලින් වෙනත් ජාවාරම් සිදු කිරීමට ඇතැම් ආනයන කරුවන් කටයුතු කරන බවද එම ආරංචි මාර්ග කියයි.

ටින් මාළු සඳහා පනවා ඇති ආනයන තහනම නොතකා එම ජාවාරම් සිදුවන බවද පිටකොටුව වෙළඳෙපොළ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here