පොහොට්ටුවේ ඉතිරි එකයි වුනත් ඔහු සමග ඉදිරියට යනවා..

0
23

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වු තම පක්ෂයේ තීරණය සමග ඉතිරි වනුයේ එක් පුද්ගලයාද ඔහු සමග එක්ව සටන ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඒ අනුව පක්ෂයෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා තීරණය කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා මේ වන විට තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවත් එළඹෙන සතියේදී ඔහු කවුරුන්දැයි ප්‍රකාශ කළ හැකි වන බවත් ඔහු පැවසීය.

ජාතික සංවිධායකවරයා ප්‍රකාශ කර සිටියේ පොහොට්ටුව ලකුණින් ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා කැමති වන්නේ නම් එම යෝජනාව මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තීරණයක් ලබාගත හැකි බවයි.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශ කිර්ම සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතා කටට වන ද පවසන බවත් මාධ්‍ය ඒවා විශ්වාස කරන බවත් කී රාජපක්ෂ මහතා, පක්ෂයේ මතයට විරුද්ධව වෙනත් අපේක්ෂකයන්ට සහාය දක්වන පක්ෂ සාමාජික මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට පෙර පක්ෂයක් ලෙස මැතිවරණය පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ යුතුව ඇති බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here