පොහොට්ටුවද,විකල්ප කණ්ඩායම්ද? රනිල් දෙලොවක් අතර!

0
69

පොහොට්ටුවද නැතිනම් විකල්ප කණ්ඩායම්ද රනිල්ට තීරණයක් ගන්න විකල්ප කණ්ඩායම් කියයි.

ඉදිරි මැතිවරණ සදහා සූදානම් වීම සදහා පසුගියදා ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ අතර හමුවක් ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්විණි.මේ සදහා මුලින්ම ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ සමග පමණක් සාකච්ඡාවක් පැවැත්වීමට යොදා ගත් නමුත් මේ සදහා දුමින්ද දිසානායක් නිමල් සිරිපාලද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් හා විකල්ප කණ්ඩායම් වල පිරිසක් එක්ව සිට ඇත.මෙහිදී පොහොට්ටුව සමග කිසිම ආකාරයක සන්ධානගතවීමක් සිදු නොකරන බව මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විකල්ප කණ්ඩායම් විසින් බැසිල් රාජපක්ෂට ජනාධිපතිවරයා ඉදිරියේ පවසා ඇත.නාමල් රාජපක්ෂ පවා ජනාධිපතිවරයා සමග ගමනක් නැති බව හා ඔහු සමග සිටින්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ පිරිසක් යැයි කියද්දිත් නාමල්ගේ විරෝධය පසෙක තබා ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට උදව් කරනවිට මෙවැනි කතා වලින් සිදුවෙන්නේ සිත් නොහොද වීමක් පමණක් බව බැසිල් රාජපක්ෂ එම සාකච්ඡාවට පැමිණි වජිර අබේවර්ධනට පවසා ඇත.ඉදිරියේදී පොහොට්ටුවද නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විකල්ප කණ්ඩායම්ද යන්න ජනාධිපතිවරයාට තෝරා ගැනීමට සිදුවන බව විකල්ප කණ්ඩායමේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here