පොඩ්ඩක්වත් පරක්කු නොකර ජනාධිපතිවරණයට මුදල් දෙන්න..- ජනපති

0
108

ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ති‍බේ.

අදාළ මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව නිකුත් කරන ලෙස එහිදී උපදෙස් ලබාදී තිබේ.

මෙවර ජනාධිපතිවරණයට අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 කි.

මේ අතර මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් පසුගිය දා පැවැත්විය.

එහිදී මැතිවරණයට යන වියදම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අතර මැතිවරණ රාජකාරි සඳහා ඇස්තමේන්තු ගත මුදල් සම්බන්ධයෙන් පොලිස් කොට්ඨාස 45කින් කැඳවු වාර්තා මේ වනවිට පොලිස් මූලස්ථානය වෙත ලැබී තිබේ.

එම වාර්තා පදනම් කරගනිමින් අවසන් වැය ඇස්තමේන්තුන්තුව මේවන විට සකස් කරමින් ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here