පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යළි විමර්ශන අරඹයි…

0
27

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් 08ක් යළි විමර්ශන ආරම්භ කල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රහාර සිද්ධීන් 08ක් මුල්කර ගනිමින් මෙතෙක් කල විමර්ශන වලට අමතරව මෙම විමර්ශන ක්‍රියාත්මක වෙයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අංශ කිහිපයක් යටතේ විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

මේ අතර දැනට විමර්ශන අවසන් කර ඇති කරුණු මත පදනම්ව අධි චෝදනා ගොනු කිරීම සිදුකර ඇතිබව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here