
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ මැදහත්වීමක් සිදු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
“පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන්න විශේෂ මැදිහත්වීමක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා වෙච්ච පරීක්ෂණ හරහා වාර්තා නැති වුණේ, කොහොමද.? ඒවායේ පිටු ගැලවුණේ කොහොමද කියන එකත් අපි සොයා බලනවා.
ජනාධිපතිවරයා වෙත භාරදීපු වාර්තාවේ හිටපු නීති අධ්‍යක්ෂවරයා මැදිහත්වෙලා තමයි මේ කටයුත්ත පිළිබඳව උපදෙස් ලබාදීලා තිබුණේ. ඒ නිසා එම වාර්තාවේ යම් කොටස් අඩු වුණේ කොහොමද? භාර දුන්න ඒවායේ තිබුණ ද? පස්සේ ඒවාට මොනවාද වුණේ.? යන සියල්ල මේ පරීක්ෂණ කණ්ඩායම පරීක්ෂණ කටයුතු කරනවා.
ඒ නිසා ඒ පිළිබඳ කිසිදු අසාධාරණයක් මේ රටේ ජනතාවට වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒකට යම් කාලයක් යනවා. ඒකට යම් ක්‍රමවේදයන් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව අපි දැනටමත් පත්කිරීම් සිදු කරලා තියෙනවා. පරීක්ෂණ ආරම්භ කර තියෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයාට ලබාදීපු වාර්තාවේ පිටු ගැලවුණා ද? පිටු හැලුණා ද? මොකක්ද වුණේ කියලා අපි අනිවාර්යයෙන්ම පරීක්ෂණ කරලා ඒ පිළිබඳව යථා කාලයේදී ජනතාව දැනුවත් කරනවා.”
මාධ්‍යවේදීයා – අපි මේ කතා කරන්නේ පළවෙනි වාර්තාව ගැන. ජූලි මාසයේදී හිටපු ජනාධිපතිවරයා තවත් ත්‍රිපුද්ගල කමිටුවක් මේ සම්බන්ධයෙන් සොයා බලන්න යෝජනා කළා. ඔහු තනතුරින් යන්නට කලින්, ඔහු ප්‍රකාශ කළා ඒ වාර්තාව ලැබිලා තියෙනවා.
ඒකේ ඉහළ පොලිස් නිලධාරින් ඇතුළු ගණනාවකට ඒ සම්බන්ධයෙන් ගත යුතු තීන්දු තීරණ සම්බන්ධයෙන් නිර්දේශ කරන්න ඔනේ කියලා. මේ වාර්තාව වත්මන් ජනාධිපතිවරයා හෝ නීතිපතිවරයා අතේ තියෙනවා ද.?
විජිත හේරත් – ඒ වාර්තාවම ජනාධිපතිවරයා අතේ තියෙනවා ද කියලා මම පෞද්ගලිකව දන්නේ නැහැ. නමුත් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ හරහා ජනාධිපති කාර්යාලයේ යම් අක්‍රමිකතාවක් සිදුවුණා නම් ඒ පිළිබඳවත් කොමිසම් සභාව වාර්තාවල කොහේ හෝ තැනක අතුරුදන්වීමක් හෝ අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒ සියල්ල මේ කමිටුව මඟින් විමර්ශනය කරනවා. මේ වාර්තාව ජනාධිපතිතුමාගේ අතට ලැබුණාද කියන එක මම නිශ්චිතව හොයලා බලලා කියන්නම්.
මාධ්‍යවේදීයා – මේ සම්බන්ධයෙන් ගොඩාක් කමිටු පත් කරලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් තීරණයක් පේන දුරක නැහැ කියන චෝදනාව එල්ල වෙනවා. මේ වෙනකොට මේ ආණ්ඩුවටත් මේ චෝදනාවම එල්ල වෙනවා.
මේ ආණ්ඩුවට චෝදනාව එල්ල වෙන්න විදිහක් නැහැ. මේ ආණ්ඩුව සම්පූර්ණ වශයෙන් පිහිටුවලත් නැහැ. ජනාධිපතිතුමා බලයට පත්වෙලා පුංචි කාලයක් පමණයි ගත වුණේ. මේ පුංචි කාලය තුළම අපි ඒකේ මූලික පියවර ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ වෙච්ච වැරදි නව පාලනය ඇතුළේ කිසිසේත්ම වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි දැඩි තීරණයක ඉන්නවා. අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව මැදිහත් වෙච්ච, මෙහෙයපු අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.”