පාස්කුව විකුණාගෙන කන අතිඋතුම්!

0
52

පාස්කු සමූල ඝාතන සූරාකෑම පිළිබඳ චෝදනා ඉදිරියට දමා කාදිනල්තුමාගේ කාලය දීර්ඝ කර ගැනීමේ තැතක්කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පාස්කු ඉරුදින සමූලඝාතන ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය ඉටුවන තුරු තම සේවා කාලය දීර්ඝ කරන ලෙස ලිඛිත ඉල්ලීමක් වතිකානුව වෙත යොමු කර ඇතැයි වතිකානුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ශ්‍රී ලංකාවට කතා කළ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, වතිකානුව තවමත් ඔහුගේ ඉල්ලීම තහවුරු කර නොමැති බව මූලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කළේය.කෙසේ වෙතත්, කාදිනල්වරයාගේ ආයාචනය, මූලාශ්‍රවලට අනුව, “ස්ථාපිත ප්‍රොටෝකෝලයෙන් ඉවත්ව රංජිත් කාදිනල්තුමා ස්වකීය උපන් රටේ (ශ්‍රී ලංකාවේ) රදගුරු සමුළුවට දැනුම් දෙනවා වෙනුවට පල්ලියේ සම්ප්‍රදාය මඟ හරිමින් කෙළින්ම වතිකානුවෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත.

“මතභේදය වී ඇත්තේ කාදිනල් රංජිත් හිමිපාණන්ගේ වයසට අදාළ පල්ලියේ සම්මතයන් නොසලකා හැරීමයි, සාමාන්‍යයෙන් වයස අවුරුදු 75 දී ඔහු ඉල්ලා අස්විය යුතුය. නමුත් 1947 නොවැම්බර් 15 වැනි දින උපත ලද කාදිනල්තුමා තම ධූර කාලය දීර්ඝ කර ගැනීමේ උත්සාහයේදී සම්මුතියේ සීමාවන්ට පටහැනිව කටයුතු කරමින් සිටින බව ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here