ප‍්‍රබල ඇමතියෙක් අස්වෙයි..? පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක්..?

0
285

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුරයක් දරන්නෙකු හෙට දින හෝ මෙම සතිය ඇතුළත සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව වාර්තා වෙයි.

මෙම අමාත්‍යවරයා ඊළඟ ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට සූදානමකින් සිටී.
ඒ සඳහා වන සංවිධාන කටයුතු පවා ඔහු විසින් මේ දිනවල සිදු කරමින් සිටී.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති නිල නොවන ආරංචි මාර්ග වාර්තා කළේය.

කෙසේ වෙතත් ඔහු ඒ සම්බන්ධයෙන් මේ වන විටත් අවසන් සාකච්ඡා පවත්වමින් ඇති අතර එහි තීරණය මත ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම තීන්දු කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here