ත්‍රිකුණාමලේ දර්ශන කොල්ලා ලෝකෙම පුදුම කරවයි! ලංකාව හොල්ලයි!

0
29

අරුණ දර්ශන මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ ඊයේ (04) වැනිදා පැවති මීටර් 400 මූලික වටයේ තරගයෙන් තත්ත්පර 44.99 ක දක්ෂතාවක් දක්වමින් තුන්වැනි ස්ථානයට පත්වෙමින්.

එසේම අරුණ මේ දක්ෂතාව වාර්තා කළේ මෙර⁣ට ක්‍රීඩකයෙකු එම ඉසව්වේ තත්පර 45ට අඩුවෙන් දක්ෂතාවක් වාර්තා කළ දෙවැනි ක්‍රීඩකයා වෙමින්.

ඒ හිටපු ධාවන ශූර සුගත් තිලකරත්නගෙන් පසුව.

එසේම මෙම ඉසව්වෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකා අරුණ දර්ශනයි.

ත්‍රිකුණාමලේ සේරුනුවර දෙහිවත්ත ග්‍රාමයේ උපත ලැබූ අරුණ දර්ශන පසුව මාතලේ අකුරම්බඩ වීර කැප්පැටිපොල ජාතික පාසලේ අධ්‍යාපනය ලැබුවා.

මේ ඔහුගේ පුහුණුකරු අසංක රාජකරුණා ජයග්‍රහණයෙන් පසුව තම සතුට අරුණ සමග බෙදාගත් සංවේදී මොහොත..

අරුණ දර්ශන මෙම ඉසව්වේ අවසන් පූර්ව තරගයට හයවැනිදා පස්වරු 11.05ට සහභගී වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here