ට්‍රම්ප්ට ‌වෙඩි තැබීම කල් තියා හොයාගන්න බැරි වීමේ වගකීම සහ ප්‍රහාරය වළක්වා ගැනීමට බැරිවීමේ වගකීම බාරගෙන අමෙරිකාවේ රහස් සේවා අධ්‍යක්ෂවරිය ඉල්ලා අස්වෙයි!

0
129

ජනාධිපතිධූර අපේක්ෂක සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමඟ, එවැනි ප්‍රහාරයක් පිළිබදව තොරතුරු කල් තියා අනාවරණය කර ගැනීමට නොහැකි වීම සහ ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වීමේ වගකීම භාර ගනිමින්, එක්සත් ජනපද රහස් සේවා අධ්‍යක්ෂ Kim Cheatle එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, ඇය එම ධූරයෙන් ඉල්ලා අස්වීමට පෙර, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපක්ෂයෙන් ඉල්ලා අස්වන ලෙස ඇයට බලපෑම් එල්ල වී තිබුණු බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here