ජීවන් තොණ්ඩමන් අධිකරණයට එයි

0
38

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් තුන් දෙනෙකු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් අද ඉදිරිපත් වුණා.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් පසුගියදා නුවරඑලිය පිඩෘ වතු යායට අයත් තේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලය පැය කීපයක් ඔවුන් භාරයේ රදවාගත් බවට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකරමින් කියාසිටියේ මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවයි.

විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන්ගේ නම් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බව පොලීසිය කියාසිටියා.

එහිදී වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සැකකරුවන්ගේ නම් අධිකරණයට ඉදිරිපත් කරමින් කියාසිටියේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකරන බවයි.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය 22වනදා මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් / ජාතික සංවිධායක එස් සත්‍ය වේල් / ජ්‍යෙෂ්ඨ සාමාජික ලෝගදාස් සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යෝගනාදන් යන අය අද අධිකරණය වෙත ඉදිරිපත් වුණා. ඉදිරි විමර්ශන සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here