ජනාධිපති ගැන ව්‍යාපාරිකයන් විශ්වාසයෙන්.. කොළඹ කොටස් වේගයෙන් ඉහලට..

0
20

ජනාධිපතිවරයා සහ වත්මන් රජය පිළිබඳව ව්‍යාපාරිකයන් තබා ඇති විශ්වාසය කොටස් වෙළඳ පොළේ මිළ දර්ශකය ඉහල යාමට හේතු වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

කොටස් වෙළඳ පොළේ දර්ශක අගයන් එලෙස ඉහළ යාම සාධනීය තත්වයකි.

කොටස් වෙළඳ පොළ අගයන් රටේ ආර්ථික,දේශපාලනික ස්ථාවර තත්වය මත රැදි තිබේ.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී බලයට පත් වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි වියාපාරිකයන් දැඩි විශ්වාසයක් තබා තිබේ.

ඒ අනුව වියාපාරිකයන් කොටස් වෙළඳ පොළ තුල ආයෝජනය කිරීමට වෙනදාටත් වඩා වැඩි විශ්වාසයකින් සිදුකරන බව පැවසීය.

විදේශීය ආයෝජකයන් කොටස් වෙළඳ පොළට ආකර්ශනය කර ගැනීමට අවධානය යොමුවිය යුතුය.

එමගින් විදේශීය මුදල් වැඩි වශයෙන් රටට ලැබීම සහ කොටස් මිළ දර්ශන අගයන් තවදුරටත් ඉහළ යා හැකි බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here