ගූගල් බලා ශෝක ප්‍රකාශ ලියන අනුරගේ රාජ්‍යතාන්ත්‍රිකත්වය සහ දිලිත් ජයවීරගේ ශෝක ප්‍රකාශය!

0
69

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා ඇතුළු පිරිස හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූයේ සමස්ත ලෝක දේශපාලනයම සලිත කරවමින් වන අතර ලොව සතරවටින්ම ශෝකය පලවෙමින් ඇත.

ඊට සමගාමීව මෙරට දේශපාලනික මෙන්ම රාජතාන්ත්‍රික නියෝජිතයින් කොලඹ ඉරාන තානාපති කාර්‍යාලයට ගොස් ශෝක පනිවිඩයක් සටහන් කොට තානාපතිවරයා ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට ශෝකය පලකිරීම් සිදු කල අතර ප්‍රධාන පෙලේ දේශපාලකයින් ශෝකය පල කල අයුරු මාධ්‍ය ඔස්සේද වාර්තා කරනු දකින්නට ලැබිනි.

මෙහිදී රටේ මීලග ජනාධිපතිවරයා ලෙස ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පම්පෝරි ගසන අනුර කුමාර දිසානායක මහතා ගූගල් සෙවුමකින් ශෝක පනිවිඩය ලියනා අකාරයද රටටම දැකගන්නට ලැබුනු අතර ඔහුගේ රාජතාන්ත්‍රිකත්වය ගූගල් හෝ චැට් GPT වලින් ඔබ්බට නොයන එකක් බව සහ ඔහුගේ ඉංග්‍රීසි මට්ටම හා ඒ හරහා ලෝක නායකත්වයන් හා සම්බන්ධතා ගොඩ නගා ගන්නා අකාරයද ගැන ප්‍රශ්නාර්ථයක් මතුකරමින් ඇත.

මේ අතර මහජන පක්ශ නායක දිලිත් ජයවීර මහතා ඉරාන තානාපති කාර්‍යාලයට ගොස් සිය ශෝක පනිවිඩය ප්‍රකාශ කිරීමෙන් ඔබ්බට ගොස් ඉරාන තානාපතිවරයා හමුවී සුහද කතාබහක් සිදුකොට සිය බලවත් ශෝකය ඉරාන ජනතාව වෙනුවෙන් පල කල අකාරය සම්බන්ධයෙන් දේශපාලන කරලියේ අවදානය යොමුව ඇත.

බොහෝ දෙනා පවසන්නේ රටම නව නායත්වයක් සොයන මේ මොහොතේ තමන් ජනාධිපති යැයි පම්පෝරි ගසන සමහරක් ගූගල් සර්ච් හරහා රාජතාන්ත්‍රික සබදතා පවත්වන්නට උත්සාහ කරද්දී දිලිත් ජයවීර වැන්නවුන් සිය දේශපාලන පරිණතභාවය මොනවට පෙන්වමින් රාජ්‍යතාන්ත්‍රික සබදතා ගොඩනගා ගන්නා අකාරය සියලුදෙනාට ආදර්ශයක් සපයන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here