ගංඟා පිටාර මට්ටමේ!

0
57

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් තවදුරටත් කළු ,කැලණි,නිල්වලා සහ ගිං ගංගා වල ජලමට්ටම් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කළු ගඟේ අතු ගංගාවක් වන මගුරු ගඟ මගුර ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා තිබේ.

මේ අතර කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටම ඉක්මවා තවදුරටත් ජල මට්ටම ඉහළ යමින් තිබේ.

ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින අතර තවලම ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටම ඉක්මවා පවතියි.

නිල්වලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා තවදුරටත් ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමේ පවතියි.

මේ අතර කැලණි ගඟ නෝ,ස්ට්‍රීට්,හන්වැල් ප්‍රදේශ වලින් සුළු ගංවතුර මට්ටමේ තවදුරටත් පවතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here