කොමිස් කතා බොරු කරමින් බිත්තර මිල වේගයෙන් ඉහළට…!

0
164

පසුගිය සතියේ පහළ ගිය බිත්තර මිල මේ වන විට නැවතත් ඉහළ ගොස් ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි. ඒ, අනුව අද දිනයේ රතු බිත්තරයක තොග මිල රුපියල් 39ක් ලෙසත් සුදු බිත්තරයක තොග රුපියල් 38ක් ලෙසත් සටහන් විය.

කෙසේ වුව ද පසුගිය දින කිහිපයේ බිත්තරයක් වෙළඳපොළේ රුපියල් 28-32ත් අතර සිල්ලර මිලකට අලෙවි විය. පසුගිය සමයේ බිත්තර නිෂ්පාදනය ඉහළ යාම හා පසුගිය රජය ඇනවුම් කළ බිත්තර තොගයක් වෙළෙඳපොළට ලැබීම නිසා බිත්තර මිල පහත වැටිණි.

නිෂ්පාදනය ඉහළ යෑම නිසා බිත්තර මිල පහළ වැටුණු බව බිත්තර නිෂ්පාදකයන් ප්‍රකාශ කළ ද ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළේ පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරයා බිත්තරයකින් ලබා ගත් රු 10ක කොමිස් මුදල ඉතිරි වීම නිසා බිත්තර මිල පහළ ගිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here