කුඩු බෙදන පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි!

0
54

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිළධාරීන්ට වැඩ වරදී. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ SI සහ සාජන් CID අත්අඩංගුවට ……මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ලද මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද උප පොලිස් පරීක්ෂකයෙකු සහ දොරුටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.18 වන අද දින අත්අඩංගුවට ගෙන ඇත.මාවතගම පොලිස් ස්ථානය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රදවා තබා සිටි සැකකරුවෙකුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම නිළධාරීන් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමෙන් පසු පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක අමිල ලසන්ත කුමාර පතිරණ (අවු.56) යන අය කුරුණැගල අවට ප්‍රදේශ වලට මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරන ලබන දැනට අනාවරණය වී ඇති ඩුබායි සම්පත් නැමැත්තෙකු සමග වට්ස්ඇප් ඔස්සේ දුරකථන සබදතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇත.එසේම, පොලිස් සැරයන් 75048 සුනෙත් දුෂ්මන්ත දිසානායක (අවු. 38) ඕමන්තය පොලිස් ස්ථානයට අනුයුක්තව තාවකාලිකව දොරුටියාව පොලිස් ස්ථානයේ රාජකාරි කරන ලද නිළධාරියෙකු වන අතර, මොහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු සමග සමීප සබදතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට අනාවරණය වී ඇත. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මේ වන විට දීපව්‍යාප්තව අඛණ්ඩව ක්‍රියාත්මක වන යුක්ති මෙහෙයුම් වලට සමගාමීව මත්ද්‍රව්‍ය ජාවාරමට හා දුෂිත ක්‍රියා වලට සම්බන්ධ පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් ද දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අදාළ උසස් නිළධාරීන් වෙත උපදෙස් ලබාදී ඇතැයිද අනාවරණය වී ඇත.මෙම සැකකරුවන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here