කැබිනට් මණ්ඩලය දිවූරුම් දීමෙන් අනතුරුව ජනපතිගේ ප්‍රකාශය

0
23

කැබිනට් මණ්ඩලය දිවූරුම් දීමෙන් අනතුරුව අභිනව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා අදහස් දැක්වූ අතර එහිදි එතුමා ප්‍රකාශ කළේ සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට, ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල බලයක් තිබෙන බවත් , හැමදේනාම එහි වගකීමක් හා බලයේ බැඳීමක් තිබෙන බව තේරුම් ගත යුතු බවත් එය ආරක්ෂා කරයි කියලා තමන් විශ්වාස කරන බවත්ය.

එමෙන්ම අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කළේය.

ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම වෙනස් වූ බවත් තව දුරටත් බෙදීමේ දේශපාලනයක් අවශ්‍ය නොවන බව මෙවර මැතිවරණයෙන් පෙන්නුම් කළ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

එමෙන්ම ජාතික ජන බලවේගයට ශක්තිමත් ජන වරමක් ලබාදීමට උත්සාහ ගත් සියලු ජනතාවට ස්තූති වන්ත වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුර අදහස් දැක් වූ ජනාධිපතිවරයා

“මේ ජයග්‍රහණය ලබාගැනීමේ දී පොදුජනයාගේ විශාල මැදිහත්වීමක් තිබුණු බව අපි දන්නවා. අපි විශේෂයෙන් දන්නවා දේශපාලන යාන්ත්‍රණයට සම්බන්ධ නොවුණ, අපිට කතා නොකළ විශාල පිරිසක් අපි වෙනුවෙන් වැඩ කරා. මතක තියාගන්න ඔවුන් සෑම අවස්ථාවකදීම විශාල පිරිසක් අපගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වුණා. ඒ වගේම අපි මේ ජයග්‍රහණය වෙනුවෙන් දීර්ඝ කාලයක් පොරබැද්දා. මෙතෙන ඉන්න බොහෝ අය ළමාකාලයේ, තරුණ කාලයේ සිට මේ සිහිනය වෙනුවෙන් බොරබැද්ද. කාලය, ශ්‍රමය පමණක් නොවන තමන්ගේ ජීවිතයෙන් පවා මේ ජයග්‍රහණය වෙනුවෙන් පොර බැදීමක් තිබුණා. ආරම්භයේ දී අපේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්න අපේ අරමුණ වෙනුවෙන් මැදිහත් වුණ අය හිටියා. සමහරු අතරමැදිව අපිව දාලා ගියා. එහෙම වුණත් අපේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම අවස්ථාවකදී ඔවුන් අපිට සහාය දුන්නා. එයත් මේ ජයග්‍රහණයට විශාල පිටුවහලක්. ඒ නිසා අපිට ආකාර දෙකක වගකීමක් තියෙනවා. එකක් පොදුජනයාගේ අරමුණු සහ අපේක්ෂාවන් සඳහා තිබෙන වගකීම. දෙක ව්‍යාපාරය වෙනුවෙන් තිබෙන වගකීම. 

අපි විශ්වාස කරනවා බලය කියන්නේ විශේෂ දෙයක්. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය විසින් බලය ප්‍රශාරණය කරනවා. බලය විසින් බලය යළි යළි වර්ධනය කරනවා. හැබැයි සමහරු කියනවා බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දුෂිතයි. ඔප්පු කරලා තියෙනවා. අපේ රටෙත් අවස්ථා කිහිපයක මෙවැනි බලයන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ බලයේ අවසාන ප්‍රතිඵලය ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙනත් දුන්නේ නෑ. ඒ නිසා සමහරුන්ට සැකයක් ඇති අපිට ලැබුණ අසීමිත බලය කොතැනකට තල්ලු කරයි ද කියලා. අපිට බලය තියෙන එක ඇත්ත ඒ වගේම බලයේ සීමාමායිම් වගේම බලයෙන් සෙල්ලම් කරන්න තියෙන කොටුවේ ප්‍රමාණය අපි හැමකෙනාම දන්නවා. බලයේ අරමුණක් තියෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය අපිට පැවරිලා. ප්‍රධානම දේ මේ බලය වගකීම් සහිතයි. එක් අතකින් පුරවැසියන්ට, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට.මේ බලය අපි හැසිරීමේ දී අපි වගවිය යුතුයි. අපිට වගකීමක් තියෙනවා. අපිට වගවීමක් තියෙනවා. සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල බලයක් තියෙනවා. හැමදේනාම තේරුම් ගන්න එහි වගකීමක් හා බලයේ බැඳීමක් තියෙනවා. එය ආරක්ෂා කරයි කියලා මම විශ්වාස කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here