කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගා කරන්න ගොවීන්ට දෙයි

0
48

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට ඊයේ (10) උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අක්කර පහකට නොවැඩි ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරින් හමු වූ අවස්ථාවේදීයි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කළා.

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, ඉඩම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හේමසිරි ලියනගේ යන මහත්වරු ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මීට එක්ව සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here