ඔන්ලයින් අපරාධ කරන තවත් පිරිසක් අත්අඩංගුවට

0
126

අන්තර්ජාලය හරහා අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයින් ඇතුළු 08 දෙනෙකු ගාල්ල පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගාල්ල වරාය පොලිස් වසමේ උඩුගම ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක් පරීක්ෂා කිරීමේදී මෙම විදේශ ජාතිකයින් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

මෙම සැකකරුවන් අවුරුදු 24 හා 36 අතර වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන්ගෙන් 06 දෙනෙකු චීන ජාතිකයින්ය.

අනෙක් දෙදෙනා කසකස්තාන සහ කිර්ගිස්තාන ජාතිකයින් බවට හඳුනාගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 09ක්, ජංගම දුරකථන 73ක් හා සිම්පත් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here