ඉන්ධන ලීටරයකින් දැන් රුපියල් 160ක් යන සාක්කුව හෙලි කරයි…

0
7

හිටපු ඇමකි කංචන විජේසේකර විසින් ම ඉන්ධන ලීටරයක බදු වලින් සාක්කුවට දමා ගන්නා බව පැවසූ රුපියල් 150ක් මෙවර ඉන්ධන මිල සංශෝධනයෙන් නැවැත්වූයේ නැත්තේ මන්දැයි සමගි වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ප‍්‍රශ්ණ කරයි.

රනිල් වික්‍රමසිංහ ගිය මඟ යමින් ජනතාවගෙන් ගසා කෑමේ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට නව පාලනයද කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවසුවේය.

ඔවුන් විසින් පසුගිය කාලයක පැවසූ ආකාරයෙන් වහාම අවම රුපියල් පනහකින් ඉන්ධන මිල අඩු කළ යුතු බවද හෙතෙම කීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පළ කරන ලදී.

‘ඉන්ධන මිල ගසා කෑමේ පසුගිය කංචන – රනිල් වික්‍රමසිංහ සූත්‍රයම ක්‍රියාත්මක වන්නේ අවමය රුපියල් බිලියන 110 වඩා ශුද්ධ ලාභයක් තෙල් සංස්ථාව ලබමින් සිටින මොහොතක. ඒ අනුව රුපියල් 50ක් 92 න් ඉවත් කරලා, අසාධාරණව පනවා තිබෙන පරිපාලන වියදම් 04%ක ලාභාංශය
ඉවත් කළොත් ගැටලුවකින් තොරව රුපියල් 62 සත 50කින් පළමුව පෙට්‍රල් ලීටරය අඩු විය යුතුයි.

එයට ඔබතුමන්ලා ගණනය කරලා තියෙන අඩු කළ හැකියි කියන ගසා කෑමේ ඊළඟ යටි මුදල වන රුපියල් 21ත් චක්ක ගත්තොත් රුපියල් 83සත 50කින් අඩු කරන්න පුළුවන් පෙට්‍රල් ලීටරය. ඒක අඩු කරලා නෑ. අඩු කරන්න ජනාධිපතිතුමනි. ඊළඟට 95 පෙට්‍රල්, රුපියල් 86කින් අඩු කරන්න පුළුවන්. ඒක ඔබතුමන්ලා කරලා නෑ, වැදගත්ම දේ ඩීසල් ලීටරය.

ඒක රුපියල් 86කින් අඩු කරන්න පුළුවන්. ඔබතුමා පෙන්නපු සූත්‍රය අනුව, කංචනගේ සාක්කුවට රුපියල් 160ක් ගියා කියපු සුනිල් හඳුන්නෙත්ති මහත්මයා කියපු සූත්‍රය අනුව රුපියල් 86කින් අවමය අඩු කරන්න තිබුණේ.

එහෙනම් මේක මිල වැඩි කිරීමක් නෙවෙයි. කංවන රනිල් ගිය අඩි පාරේ අයි.එම්.එෆ්. කොන්දේසිත් නැතිව ඔබතුමා කිව්ව ආකාරයට ගසාකන රුපියල් 50 ඉවත් කළේ නැත්තේ ඇයි ජනාධිපතිතුමනි.

ඔබතුමන්ලාගේ සුනිල් හඳුන්නෙත්ති කිව්ව විදියට මේ රුපියල් 160 යන්නේ බලශක්ති ඇමතිගේ සාක්කුවටද? එහෙම නැති නම් මේක හදපු අයගේ සාක්කුවටද? එහෙම නැතිනම් මේ ආණ්ඩුව පාලනය කරන අයගේ සාක්කුවට ද? කියලා හෙළි කරන්න. මේ ගහන්නේ වැඩබිමට. වහාම ඔබතුමා කිව්ව රුපියල් 50 අඩු කරන්න’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here