ඇමති ටිරාන්ගේ යුක්ති මෙහෙයුමට බාධා කරන්න එපා! මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි නීතීඥ සංගමයට කියයි!!

0
59

ටිරාන්ගේ යුක්තියට නීතීඥවරු බාධා නොකරන්න -පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිටිරාන් අලස් අමාත්‍යවරයා විසින් ආරම්භ කර ඇති පාතාලය හා කුඩු තුරන් කිරීමේ මෙහෙයුමට බාධා නොකරන ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අද නාරාහෙන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර මිනීමැරුම් වැඩි වී තිබුනා.දැන් පොලිස්පති තුමා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.කුමන ක්‍රමයක් හෝ භාවිතා කරලා මේ ප්‍රශ්න විසදන්න ඕන.මේ වැඩපිළිවෙළට යම් නීතිඥවරු බලපෑම් කරනවා යැයි වාර්ථා වෙනවා.

පොලීසිය තුවක්කුව භාවිතා කරනවට මේ නීතිඥවරු අකමැතියි.අපි අහන්නේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලයි.රාජ්‍ය නීතියට ගරු කල යුතු බව බුදු රජානන්වහන්සේ පවා ප්‍රකාශ කර තිබෙනවා.කුඩු ව්‍යාපාරය කියන්නේ දරුනු ව්‍යාපාරයක්.කුඩු මත්ද්‍රව්‍යයට සහ මිනි මැරුම් පාතාලයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.නීතිඥවරු තමන්ගේ රාජකාරිය කරලා පොලීසිය තමන්ගේ රාජකාරිය කල යුතුයි.මේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න පොලීසිය ගන්න තීන්දු වලට විරුද්ධ නොවිය යුතුයි.

නමුත් පොලීසියත් වදුරට දැලි පිහිය දුන්නා වගේ වැඩ නොකළ යුතුයි.අතපත්තුකන්දේ ආනන්ද හිමිරට මත්ද්‍රව්‍ය වලින් ස්වයං පෝෂිත වී ඇති බව පේනවා.මේකෙන් පේන්නේ සමාජයේ පරිහානියයි.සමාජ විරෝධී අයට විරුද්ධව පොලීසිය ඇතුලු ආණ්ඩුව වැඩපිළිවෙළක් ගෙන යනවා.මේ ක්‍රියාදාමයේදී අදාල ඇමතිවරයෙක් හා නිලධාරීන් සිටිනවා.එම නිසා අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ක්‍රියාත්මක කරන්නේ රටේ නීතියයි.එම නිසා නීතිය අවනීතියක් නොවිය යුතුයි.වැරදි කරුවන්ට දඩුවම් ලබා දිය යුතුයි.

බුදුන්දේශනා කල ධර්මයට අනුවත් රටක නීතියට අනුවර්ථනය විය යුතුයි.මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන සුවිශේෂී පුද්ගලයන් වන්නේ නීතිඥයන්.තර්කය සහ නීතිය කියන්නේ දෙකක්.තර්ක කරලා අනවශ්‍ය දෙයක් සමාජ ගත කරන්න පුලුවන්.නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් දිරිමත් කල යුතුයි.සමාජ විරෝධී ක්‍රියා වෙනුවෙන් රජය ගන්නා තීන්දු වලට සහය දිය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here