ඇතාම් නීතීඥයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අතකොළු වෙලා!

0
59

‘ඇතැම් නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ අතකොලු වෙලා’

නීතිඥ සංගමය ඇමැතිවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු මහජන ආරක්‍ෂක ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට නීතිඥ මණ්ඩලය තීරණය කළ අතර ඇමැතිවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව නීතිඥ සංගමය යෝජනාවක් සම්මතකර ගෙන ඇත.

මේ යෝජනාව සම්මත කරගෙන ඇත්තේ පසුගිය සතියේ ටිරාන් අලස් විසින් අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මිනීමරු පාතාල සමාජිකයින් තුරන් කර දැමුවාට පවක් නැතයි පැවසීම නිසාය.මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මේ වන විට විදේශගතව සිටින අතර ඉහත යෝජනාව සම්බන්ධයෙන් කල විමසීමකදී ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඇතැම් නීතිඥයින් අතර පසුගිය මාස කිහිපය පුරා බරපතල මත ගැටුමක් නිර්මාණය වෙමින් පැවති බවයි.

බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පසුගිය වසරේ දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් සිදු කරනු ලැබූ ප්‍රකාශය ඊට මුලික හේතුව වී ඇතැයි ද එම නිලධාරියා කියා සිටියේය.යුක්තිය මෙහෙයුමට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටයේය.

තවද ටිරාන් අලස් අමාත්‍යවරයාට මොන මරණ තර්ජනය ආවත් පාතාලය හා කුඩු තුරන් කිරීමට ටිරාන් අලස් අමාත්‍යවරයා කැපවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here