අවසන් 8ට එන්න බැරි වුනාට වැඩියෙන්ම සල්ලි තියෙන ක්‍රිකට් බෝඩ් අතර අපි 5වන තැන ඉන්නවා!

0
58

“අවසන් අට දෙනා අතරට නාවත්,
ලෝකයේ වැඩියෙන්ම මුදල් තියෙන
පහ අතරේ අපි ඉන්නවා..!”
ශම්මි කියයි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ගනු ලැබූ ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් පවා පුදුමයට පත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා පවසයි.

සුපිරි අට දෙනාගේ වටයටවත් සහභාගී නොවී, තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වී තිබෙන දරුණු විවේචනයට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් දැක්වීම සිදු කර තිබේ.

ඒ කොළඹ පැවති උත්සව සභාවක් අමතමිනි.

සුපුරි අට දෙනාගේ වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වුවත්, ඔවුන්ට, ලෝකයේ හොදම කණ්ඩායම් වලට ලබා දෙන පහසුකම් ලබා දී ඇති බව ශම්මි පවසයි.
කණ්ඩායම ලැබූ පරාජයේ වගකීම තමන් පිට පැටවීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව පවසා තිබෙන ශම්මි ද සිල්වා, තමන් එම තරගය සදහා ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු නොවූ බවද පවසා තිබේ.

තමන් ක්‍රීඩකයෙකුව සිටියානම් නොගන්නා ආකාරයේ තීරණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගෙන ඇති බව පවසන ශම්මිද සිල්වා, එම තීරණ ගනු ලැබුවේ ක්‍රිකට් කණ්ඩායම හ ක්‍රිකට් කණ්ඩායමේ පරිපාලනය විසින් බවද පවසයි.

ලෝක කුසාලන තරගාවලියේ අවසන් අට දෙනා අතරට එක්වීමට නොහැකි වූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලෝකයේ වඩාත්ම මුදල් තිබෙන ක්‍රිකට් ආයතන පහ අතරට පත්ව තිබෙන බවද ශම්මි පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here