අපි කියන දේ තේරුම් ගන්න සමහරුන්ට අවබෝධයක් නෑ! හර්ෂ ද සිල්වා!

0
56

කියනදේ තේරුම්ගන්න සමහර දේශපාලකයින්ට අවබෝධයක් නැතිවීම ගැන කණගාටුයි’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.මම IMF එකත් එක්ක විපක්ෂයට සාකච්ඡාවක් ඉල්ලුවා කියල මට චෝදනා කරන්න කලින් මම පාර්ලිමේන්තුවේ කිව්වේ මොකක්ද කියල හරියට නැවත වරක් බලන්න. මම කරපු ඉල්ලීම මේ වීඩියෝවේ තියනවා. ඒ ඉල්ලීම අකුරක් නෑර මෙහෙමයි.“මුදල් ඇමතිවරයා, ජනාධිපතිවරයා මෙතන ඉන්න නිසා මම කැමතියි එකක් අහන්න. මෙතනදී අපිට ඔහු සමග සම්බන්ධ වෙන්න හැකියාවක් නෑ කමිටුව හැටියට. ගරු මුදල් ඇමතිතුමා, ජනාධිපතිතුමා, ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ දවස්වල කරගෙන යනවා. ඡන්දෙට තව තියෙන්නේ මාස කිහිපයයි. එතකොට ඊළඟට පත්වෙන ආණ්ඩුව බැඳී සිටිනවා ණය හිමියන් සමග එකතුවෙන වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන්න. ඒ නිසා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග සාකච්ඡා කරල මෙවැනි එකඟතාවයකට ආවොත් හොඳයි කියල මම යෝජනා කරනවා. මොකද ඔබතුමා තව කොච්චර කාලයක් ඉන්නවද කියල අපිට හරියට කියන්න බෑ.”මෙතන IMF එකත් එක්ක සාකච්ඡාවක් ඉල්ලල නෑ. ඉල්ලල තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ සමග සාකච්ඡා කරල ණය හිමියන් සමග එකඟතාවයකට එන්න කියලයි. මොකද මේ ආණ්ඩුව⁣ට ඕන එකඟතාවයන්ට විතරක් ආවොත් ඊළඟට පත්වෙන ආණ්ඩුවට ඒක කරගහගෙන යන්න බැරිවෙන්න පුළුවන්. එතකොට රටක් විදිහටයි අමාරුවේ වැටෙන්නේ. අනිත් එක IMF ගිවිසුම දැන් අත්සන් කරල ඉවරයි. ඒක නිසා IMF එකත් එක්ක ඒ පිළිබඳව ආයෙත් සාකච්ඡා කරල වැඩක් නෑ. මම කියපු කතාව තේරුම්ගන්න තරම් සමහර දේශපාලකයින්ට මේවා ගැන අවබෝධයක් නැතිවීම ගැන කණගාටුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here