අදත් ගුටි නොකා බේරුන මංත්‍රී හමුව!

0
29

අගමැති සමග කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවේ මහා කාලගෝට්ටියක්අද දින පාර්ලිමේතුවේ අග්‍රාමාත්‍යවරයාගේ නිල කාමරය තුල කොලඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පැවැත්විණි.මතවද මෙයට සාගල රත්නායකද සහභාගී වී තිබිණි.තවද කොලඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා දේශපලඥයින් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියහ.මෙහිදී පොදුජන පෙරමුණෙන් වෙන්වී ජනාධිපතිවරයාට සහාය පලකල කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මෙහිදී කඩුවෙල ආසනය තමාට ලබාදෙන ලෙස ඉල්ලා ඇත.මෙහිදී කෝපයට පත් සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයාට දැඩි ලෙස කේන්ති ගිය අතර මම තමයි ජේශ්ඨ මගෙ ආසනේ කොහොමද තමුන්ට දෙන්නෙ යැයි බැන වදින්නට විය.කෙසේ හෝ දෙදෙනාම වාග් ප්‍රහාර එල්ල කරගත් අතර දැඩි වෙහෙසකින් පසුව ඔවුන් දෙදෙනාව සන්සුන් කරන්නට අග්‍රාමාත්‍යවරයාට සිදුවිය.තවද සාගල රත්නායක විසින් මධුර විතානගේ ගෙන් කෝට්ටේ ආසනය වෙනස් කරනවාදැයි කල ඉල්ලීමද මධුර විතානගේ විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here