අත්අඩංගුවට ගැනීමට යාමේදී ලක් අම්මා නිවසින් අතුරුදහන් වෙයි!

0
119

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසයෙන් චෝදනා ගොනු කර ඇති ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඉල්ලිම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27) ප්‍රතික්ෂේප කළේය.සිය අපේක්ෂිත ඇපය ඉල්ලමින් තමන් මෙරට ප්‍රවීණ නිළියක වන බවත් දේශපාලනයේ නිරත බවත් කියමින් අපකීර්තියක් ඇති කිරිමට උත්සාහ දරා ඇතැයි කියා සිටීම ප්‍රතික්ෂේප කරන බව තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නියෝගයේ දක්වා ඇත.එසේම ඔවුන් දෙදෙනාට අදාළව පරිගණක අපරාධ කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනය එවැනි චේතනාවකින් සිදු කර නැති බව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුගේ තීන්දුවේ දක්වා ඇති අතර නිසි පරිදි විමර්ශන සඳහා සහාය නොදැක්වීම, අධිකරණය මග හැර සිටීම, පවතින නඩු තිබීම සහ ආගමන විගමන පනත යටතේ ඇප ලබාදීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නොමැතිවීම යන කරුණු මහේස්ත්‍රාත්වරයා නියෝගය ඉදිරිපත් කරමින් දක්වා තිබේ.ඔවුන් දෙදෙනා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලිම ප්‍රතික්ෂේප කළේය.ඔවුන් දෙදෙනාට එරෙහිව ආගමන විගමන පනත යටතේ වැරදි අනාවරණය වන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පරිගණක අපරාධ කොට්ඨාසය අධීකරණයේ පෙනී සිටිමින් පෙර දින අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් සිදු කර තිබූ ඉල්ලීමට අදාළ නියෝගය ඊයේ 27 නිකුත් කිරිමට නියමිතව තිබූ අතර එම නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය ප්‍රතික්ෂේප කළේය. කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වංචා කළ බවට දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට චෝදනා ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here