රනිල් ඡන්දෙට එන්නේම ඡන්ද ලක්‍ෂ 70ක් අතේ තියාගෙනයි…

0
14

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට පිවිසෙන්නේම ලක්ෂ හැත්තෑවක ඡුන්ද ප්‍රමාණයක් අතේ තබාගෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර ඇත.

‘2020 මහ මැතිවරණයේ දී ජාජබ හාර ලක්ෂ හතලිස් පන්දහසක් ඡන්ද ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් තව ඡන්ද හැටපන් ලක්ෂ පනස් දහසක් උපයාගත යුතුයි. එසේ නම් සෑම දිස්ත්‍රික්කයකින්ම ඡන්ද තුන්ලක්ෂ දහ අට දහසක් මාලිමාව ඡන්ද ගත යුතුයි. වන්නිය සහ ත්‍රිකුණාමලයේ එතරම් ඡන්ද සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලත් නැහැ.

සජිත්ට ඡන්ද පනස් හතර ලක්ෂයක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂය සමග සිටියදීයි. එජාපය අත්හැරි යාම සජිත්ට වුණේ නයා පොළේ ගියාම වෙච්ච වැඩේ. මහ මැතිවරණයේදී ඔහුට ලැබුණේ ඡන්ද ලක්ෂ 27 ක් පමණයි. එයිනුත් දිගම්බරම්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, වඩිවිල් සුරේෂ්, රාධා ක්‍රිෂ්ණන් අයගේත් ඡන්ද සමගයි මේ ගණන. ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද සජිත්ගෙන් ඉවත් වෙනවා. එමෙන්ම නැගෙනහිර ජනතා නියෝජිතයන් වැඩි හරියක් දැනටමත් සිටින්නේ රනිල් සමගයි.

ඒ කියන්නේ මේ වෙන විට සජිත් ප්‍රේමදාස විසිහත් ලක්ෂයෙන් තවත් පහළට බැහැලා. එමෙන්ම සජබෙට ගිය විශාල පිරිසක් මේ වෙන විට එජාපය සමග වැඩ කටයුතු කරමින් සිටිනවා.

ගිය මැතිවරණයේදී රනිල් ඡන්ද ලක්ෂ දෙකහමාරක් ගත්තා. එදා තිබූ බෙදීම නිසා එජාපයේ ලක්ෂ විසි හතක් ඡන්දය දුන්නේ නැහැ. ඔවුන් දැන් එජාපය සමග සම්බන්ධ වී සිටිනවා. රනිල් කැම්පේන් පටන් ගන්නේ ලක්ෂ තිහේ සිටයි. පොහොට්ටුවේ ලක්ෂ හැට නවයෙන් ලක්ෂ තිහක් ලැබුණත් රනිල් ලක්ෂ හැත්තෑව ලබාගෙන ඉලක්කයට ගොස් හමාරයි’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here