මහජන බැංකුවේ තනතුරු උසස්වීම් ගැටළුවක්!

0
62

මහජන බැංකුවේ සහකාර කළමනාරණ 3-III ශ්‍රේණියට උසස් වීම දිනා ගැනීමේ සටන

මහජන බැංකුවේ සහකාර කළමනරණ 3- III ශ්‍රේණියට උසස් කිරීමේ 2019.12.15 දින පැවති විභාගයේ ප්‍රතිඵල මත සිදුවී ඇති අසාධාරණය නිසා විශාල පිරිසකට එම උසස් වීම් අහිමි වී ඇත.උසස් වීම අහිමි වූ එම අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමය දීර්ඝ කාලයක් මහජන බැංකුවේ සභාපති වරයා, අධ්‍යක්ෂක මණ්ඩල කමිටුව සහ කළමණාකාරීත්වය සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වන ලදී.තවද, මෙම ගැටලුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් තුමා වත්මන් ජනාධිපති ලේකම් තුමා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් තුමා සමඟද සාකච්ඡා කර ඇති අතර ඔවුන් විසින් මෙම උසස් වීම ලබා දීම සම්බන්ධයෙන් මහජන බැංකුවේ සභාපති වරයා වෙතද උපදෙස් ලබා දී ඇත.නමුත් මහජන බැංකුවේ සභාපති වරයා එම උපදෙස් ද නොතකා කටයුතු කරමින් සිටී.

මෙම ගැටලුව නිරාකරණය කිරීම බැංකු පාලකයින් කල් මරමින් සිටින නිසා එම අයිතීන් දිනා ගැනීම සඳහා ප්‍රගති බැංකු සේවක සංගමය විසින් 2024.07.11 සහ 12 යන දෙදින සහ එම ඉල්ලීම් ඉටු කරන තෙක් අඛණ්ඩව මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සාමකාමී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර ඇත.

මෙම ඉල්ලීම් දිනා ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රගති බැංකු සේවක සංගමය විසින් නඩුකරයක්ද පවත්වා ගෙන යනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here