අන්තර්ජාලයෙන් අපරාධ කළ විදේශිකයන් 500ක් ගැන විමර්ශන

0
17

අන්තර්ජාලය ඔස්සේ සූක්ෂ්ම අයුරින් විවිධ අපරාධ කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළැයි විදෙස් ජාතිකයන් 500 කට ආසන්න පිරිසක් පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් මත කඩිනම් විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

සංචාරක වීසා මත මෙරටට පැමිණ විවිධ ස්ථානවල නිවාස සංකීර්ණ කුලී පදනම මත මිලදීගෙන රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ වංචාවන් කරන ලද චීන, ඉන්දියානු, බංග්ලාදේශ, පකිස්තාන සහ නේපාල් ජාතිකයන් පිරිසක් සම්බන්ධයෙන් මෙම පුළුල් විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේය.

මෙම විදෙස් ජාතික සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපතිවරයාගෙන් උපදෙස් ගෙන ඇති අතර, ඔවුන්ට අදාළ අපරාධ කිරීමට සහාය දුන් මෙරට බැංකු කීපයක නිලධාරින් පිරිසක්ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දන්වා සිටියේය.

මෙම විදෙස් ජාතික සැකකරුවන්, අදාළ වංචනික ක්‍රියාවලින් ගත් මුදල් එක්සත් රාජධානිය, ඉන්දියාව සහ ඩුබායි හි පිහිටි බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බව අනාවරණ වී ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන බව ද දන්වා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here