ගෝඨාභට උපදෙස් දුන් හාන්ස් අනුරටත් ආර්ථිකය ගැන උපදෙස් දෙන්න පත් කරයි!

0
128

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත්කර ඇත.ඊට අදාල පත්වීම් ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද දින විජයසූරිය මහතා වෙත බාර දී තිබේ.හාන්ස් විජේසූරිය මහතා ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කලේය.

මීට පෙර ජනාධිපති ගෝඨාභය පාලන සමයේදී ජාතික ආර්ථික සභාවට උපදෙස් දීමට පත් කල 16 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙසද හාන්ස් විජයසූරිය මහතා කටයුතු කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here