කන්තලේ ඉඩම් බෙදිල්ලට කොමිසමෙන් තහනමක්

0
12

කන්තලේ සීනි කම්හලට අයත් ඉඩම් භෝග වගාව සඳහා ඉඩම් නොමැති ජනතාව වෙත තාවකාලික ලබාදීමට ගත් තීරණය මැතිවරණ කොමසාරිස්වරයාගේ දැනුම්දීම මත නවත්වා ඇති බව කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයා විසින් පසුගියදා ගත් තීරණයකට අනුව මෙලෙස කන්තලේ සීනි කම්හලේ ඉඩම් අක්කර 11000ක් තාවකාලික භෝග වගාව සඳහා ලබාදීමට කන්තලේ ඉඩම් කාර්යාලය මගින් අදාළ පෝරම ගොවි ජනතාව වෙත ලබාදී තිබේ.

නමුත් එම කටයුතු වහාම නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් දන්වා එවා ඇති බව කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (28 වැනිදා) එහි පැමිණි ජනතාව වෙත දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් මාධ්‍ය වෙත ලබාදිය නොහැකි බවත් තමා මැතිවරණ කොමසාරිස්ගේ උපදෙස් මත කටයුතු කරන බවත් කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් බී.ඊ. කෞෂල්‍යා කුරේගෙන් කළ විමසීමකදී කියා සිටියාය.

කෙසේ වෙතත් පසුගිය දිනක ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයෙන් පසුව සීනි කම්හලේ ඉඩම් ඉල්ලුම් කිරීමේ පෝරම ලබා ගැනීමට කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here