ඉන්දියාවේ චන්ද්‍රිකා අන්තර්ජාලය සම්බන්ධයෙන් ධනවතුන් දැවැන්ත සටනක

0
30

සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් වෙළඳපොලට මුහුණ දීමට ඉන්දියාව මේ වනවිට සූදානම් වනවා.

ඒ අනුව ලොව ධනවත්ම මිනිසුන් දෙදෙනෙකු වන එලොන් මස්ක් සහ මුකේෂ් අම්බානි අතර මේ සම්බන්ධයෙන් තිබෙන තරඟය තීව්‍ර වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා චන්ද්‍රිකා වර්ණාවලිය වෙන්දේසි කිරීමෙන් නොව පරිපාලනමය වශයෙන් වෙන් කරන බවට ඉන්දීය රජය පසුගියදා නිවේදනය කළා.

එම ප්‍රකාශයත් සමග මෙම සටන උණුසුම් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ.

සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් චන්ද්‍රිකාවේ ආවරණය තුළ ඕනෑම තැනක අන්තර්ජාල ප්‍රවේශය සපයනු ලබනවා.

දත්ත සම්ප්‍රේෂණය කිරීමට දුරකථන මාර්ග භාවිත කරන සම්බන්ධතාවයක් හෝ කේබල් නොමැති දුරස්ථ හෝ ග්‍රාමීය ප්‍රදේශ සඳහා මෙය විශ්වාසදායක විකල්පයක් බවට පත් කරනු ඇති බව විශ්ලේෂකයින්ගේ අදහසයි.

ඉන්දියාවේ ටෙලිකොම් නියාමකය තවමත් වර්ණාවලියේ මිල ගණන් ප්‍රකාශයට පත් කර නැහැ.

කෙසේ වෙතත් ඔවුන් වාණිජ චන්ද්‍රිකා අන්තර්ජාල සේවා තවමත් ආරම්භ කිරීමට නියමිතයි.

ඉන්දියාවේ චන්ද්‍රිකා අන්තර්ජාල ග්‍රාහකයින් 2025 වන විට මිලියන දෙකකට ළඟා වනු ඇති බවටද මේ වනවිට පුරෝකථනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here