රමේෂ්ගේ පාටියට කොමිසම පනී

0
12

පොදුජන එක්සත් නිදහස් සන්ධානය නියෝජනය කරමින් එම පක්ෂයේ කණ්ඩායම් නායක, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි පී. කේ. ඩී. සරත් අල්විස් විසින් සිය ආධාරකරුවන් සඳහා සංවිධානය කර තිබූ භෝජන සංග්‍රහයක් ගාල්ල මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් විසින් අත්හිටුවා ඇත.

පාක්ෂිකයන් සහ හිතවතුන් 350 කට පමණ පිළියෙල කරන ලද ආහාර සහ ආහාර පිසීමට යොදා ගත් ගෑස් ලිප් ඇතුළු උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබිණි.

මෙම භෝජන සංග්‍රහය ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ හිටපු සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රමේෂ් පතිරණගේ උපදෙස් මත ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දය ලබා ගැනීමේ අරමුණෙන් සරත් අල්විස් විසින් සංවිධානය කර තිබිණි.

මේ පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම භාරව කටයුතු කරන සහකාර තේරීම් බාර නිලධාරී සම්පත් ජයසේනගෙන් කළ විමසුමකදී ඔහු පැවසුයේ ලැබුණු තොරතුරක් මත පොලිසිය සමග හිටපු මන්ත්‍රිවරයාගේ නිවසට ගොස් සිදු කරන ලද වැටලීමේදී මෙම ආහාර සහ උපකරණ ඔහු බාරයට ගෙන නීතිමය පියවර ගැනීම සඳහා පොලිසියට බාර දුන් බවයි. මේ පිළිබඳව ඇල්පිටිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්. අනුර විජේසිංහගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ මෙම සිද්ධිය පිළිබඳ ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරියේදී හිටපු ප්‍රාදේශීය මන්ත්‍රිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here