උපකාරක පන්ති යන බව කියා නිවසින් ගිය සිසුවියගේ සිරුර ලොග්ගල් ඔයෙන් හමුවෙයි

0
8

මහියංගණය ලොග්ගල් ඔයේ තිබී 17 හැවිරිදි පාසල් සිසුවියකගේ මළ සිරුරක් අද (21) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ, උපකාරක පන්ති යන බව පවසා ඊයේ (20) උදෑසන නිවසින් පිටව ගිය බව කියන පාසල් සිසුවියන් දෙදෙනකුගෙන් එක් අයෙකුගේ මළ සිරුර බවයි, පොලිසිය සඳහන් කළේ.

ඇය සමඟ ගිය අනෙක් සිසුවිය මේ වන විට රිදිමාලියද්ද පොලිසිය බාරයේ පසුවන බවද පොලීසිය කීය.

මෙම සිසුවියන් දෙදෙනා එකම පාසැලේ ඉගෙනුම ලබන මිතුරියන් බවද අනාවරණය වී තිබේ.

එම සිසුවිය ඊයේ රාත්‍රී මහ මග ගමන් කළ යතුරු පැදියකට අතදැමු අවස්ථාවේ යතුරු පැදිකරු විසින් රිදීමාලියද්ද පොලිසියට අයත් ආදාඋල්පත මාර්ග බාධයකයේ නිලධාරින්ට මෙම සිසුවිය බාරදී ඇතැයි පොලිසිය පවසයි.

මොවුන් බදුල්ල නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීමට යන බව පවසා ඊයේ (20) උදේ නිවෙස් වලින් පිටවී ගිය නමුත් යළි නිවසට නොපැමිණිම නිසා මව්පියන් බදුල්ල පොලිසියට පැමිණිලිකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here