කොමිසමේ උපදෙස් නොතකා වරායේ නව අධ්‍යක්ෂ වැඩ භාරගනී

0
14

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු පත්නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදී, ඊයේ (07 වැනිදා) දිනයේදී නව අධ්‍යක්ෂවරයා වැඩ භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ සභාව අද (08 වැනිදා) සාකච්ඡා කිරීමට නියමිතය.

මෙලෙස නව අධ්‍යක්ෂවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් විමසීමක් කර ඇති අතර, එහිදී දැනුම්දී ඇත්තේ වරාය අධිකාරි පනතෙන් ඇමැතිවරයාට පැවරී ඇති බලතල අනුව නව අධ්‍යක්ෂවරයා පත්කර තිබෙන බවය.

වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස සේවය කළ ප්‍රභාත් කේ.මලවිගේට එම තනතුරින් වහාම ඉවත්වන ලෙස අමාත්‍යාංශය විසින් දැනුම්දී ඇති අතර, පාර්ලිමේන්තු මහා මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ව අනුමැතියකින් තොරව සිදුකර තිබෙන ස්ථාන මාරුව අත්හිටුවන ලෙස කොමිසම විසින් මීට පෙර දැනුම්දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here