පුරාවස්තු කැණීම් සිදුකර එයින් ලබාගත් ලද මිල කළ නොහැකි මැණික් සහ දුර්ලභ ගණයේ පිළිම හා මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම බළකාය සඳහන් කළේ, පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පරමංකඩ ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇති බවය.
එහිදී පෞරාණික වටිනාකමක් ඇති ස්ථානයකින් පුරාවස්තු කැණීම් සිදුකර එයින් ලබාගන්නා ලද ඉතා දුර්ලභ ගණයේ විවිධ බරින් හා විවිධ පැහැයෙන් යුත් මැණික් ගල් 11ක්, රන් පැහැති මංජුසාවක්, රිදී පැහැති බුදු පිළිමයක්, තඹ පැහැති ඇත් පිළිම 03ක් සොයා ගෙන තිබුණි.
පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ, මෙම පුරාවස්තු සමඟ කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සහ 63 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පස්සර පොලීසිය විසින් සිදුකෙරේ.


