රනිල්ට හදවත අහිමි වෙයි..

0
37

මැතිවරණ කොමිසමේ ලියාපදිංචි සලකුණු අතර හදවත සලකුණ නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ස්වාධීන අපේක්ෂකයන්ට ලාංඡන කලින් ෙවන් කරගත නොහැකි බවද පවසන මැතිවරණ කොමිසම නාම යෝජනා භාර දීමෙන් පසුව සියලු ස්වාධීන අපේක්ෂකයන් කැඳවා ලියාපදිංචි ලාංඡන ප්‍රමාණය ලබාදෙන බවද ඒ අතරින් කැමති ලාංඡනයක් ලබාගත හැකි බවත් අවධාරණය කරයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණයේදී හදවත ලකුණින් තරග කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව වාර්තා විය.

මේ වන විටත් ඒ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ඇප මුදල් තැන්පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here