හතර අතින් ප්‍රහාර එල්ල වූ පසු වැඩ බලන පොලිස්පති කෙනෙකු පත් කෙරේ

0
40

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග අනුව පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා සුදුසු පුද්ගලයෙකු පත් නොකර දේශපාලන කුමන්ත්‍රණයක් දියත් කිරීමට රනිල් වික්‍රමසිංහ යෙදූ සැලසුම් සියල්ල අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

මේ අනුව, ඉදිරි දින කිහිපය තුළ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ කැබිනට් ඇමතිවරු ප්‍රමුඛ කිහිප දෙනෙකුගේ උපදෙස් පැතීමෙන් පසුව එය සිදු කිරීමට නියමිත ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ඉටු නොකර සිටීමට රනිල් වික්‍රමසිංහ දැරූ කුමන්ත්‍රණකාරී ප්‍රයත්නයට එරෙහිව කරුණු දැක්වූවන් ප්‍රබල ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහගේ නීතිඥභාවය අහෝසි කළ යුතු බවට පවා කරුණු දක්වා තිබිණි.

ඉන් පසුව, කතානායක පැමිණි පසු අදාළ ක්‍රියාමාර්ගය ගැනීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ පසුගිය 30 වෙනිදා සවස ප්‍රකාශ කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here