රනිල්ට මන්ත්‍රීවරු 92ක් ඉන්නවා කියපු කතාවේ පොහොට්ටු වාර්තාව එළියට එයි! ඇවිත් හිටියේත් මන්ත්‍රීවරු 80යි! ඒකෙනුත් පොහොට්ටුවෙන් ඉඳලා තියෙන්නේ 58 දෙනයි! කට්ටියක් මගින් ගිහිල්ලා! පෙළක් අය අත්සන් කරන්නත් බෑ කියලා! 

0
149

රනිල්ට මන්ත්‍රීවරු 92ක් ඉන්නවා කියපු කතාවේ පොහොට්ටු වාර්තාව එළියට එයි! ඇවිත් හිටියේත් මන්ත්‍රීවරු 80යි! ඒකෙනුත් පොහොට්ටුවෙන් ඉඳලා තියෙන්නේ 58 දෙනයි! කට්ටියක් මගින් ගිහිල්ලා! පෙළක් අය අත්සන් කරන්නත් බෑ කියලා! 

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු ජනාධීපතිවරයාට මන්ත්‍රීවරුන් 92කගේ සහාය හිමිව ඇති බවට පළව ඇති වාර්තා සම්බන්ධයෙන් පොහොට්ටුව විසින් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කොට තිබේ.
එම විමර්ශනයට අනුව ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මැතිඇමැතිවරු 80ක් සහභාගී වී ඇති බව වාර්තා ‌වී තිබේ.

එම ප්‍රමාණයෙන් 58 දෙනෙක් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සිට ඇති අතර අනෙක් පිරිස අතර ශ්‍රීලනිපයෙන් බෙදුණු නිමල් සිරිපාල කණ්ඩායම, ඩග්ලස් දේවානන්ද මහතාගේ කණ්ඩායම, නිමල් ලන්සාගේ කණ්ඩායම, ජීවන් තොණ්ඩමන්ගේ කණ්ඩායම ඇතුලු විවිධ පාර්ශ්වයන් සිට ඇති බව පොහොට්ටු විමර්ශනයේදී අනාවරණය වී ඇත.

එමෙන්ම මෙහිදී පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් එකතු කිරීමක් සිදු කොට ඇති නමුත් ඇතැම් මන්ත්‍රීවරුන් ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කොට ඇති බවද පොහොට්ටු විමර්ශනයේදී වාර්තා වී ඇත.

ඇතැමුන් මෙම විමර්ශනයේදී පොහොට්ටු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ රැස්වීම අතරමැදදී පොහොට්ටු මැතිඇමැතිවරු කිහිප දෙනෙක් ජනාධිපතිවරයාට දැනුම් දී රැස්වීමෙන් පිටව ගොස් ඇති බවකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here