රනිල්ගේ ආණ්ඩුවට දැන් පාර්ලිමේන්තුවේ බහුතරයක් නෑ! ජනාධිපති වෙනකොට 2022දී 134යි! දැන් 92යි!

0
27

ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දුන් දී තිබෙනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මෙම දැනුම් දීම කර ඇති බවයි වාර්තා වන්නේ.Sri Lanka Latest News

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුව අනුප්‍රාප්තික විධායක ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජූලි 20 තේරී පත් වුණා. වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අනුප්‍රාප්තික විධායක ජනාධිපති ධුරය සඳහා ඊට පෙර දිනයේ දී එනම් ජූලි 19 පාර්ලිමේන්තුවේ දී යෝජනා වුණා.

මේ අනුව ඊට අදාළ ඡන්ද විමසීම 2022 ජූලි 20 පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134 ක් ලැබී තිබූ අතර ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 82ක් හිමිවිය. අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 03 ක් ලැබී තිබුණි. අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තේරී පත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබාගත යුතු වූ අතර එම ඡන්ද සංඛ්‍යාව රනිල් වික්‍රමසිංහ මහතා සපුරා තිබුණා. එදින වලංගු ඡන්ද සංඛ්‍යාව වූයේ ඡන්ද 219ක්. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134ක් ලබාගෙන තිබුණා.

එදින ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 223 ක් වූ අතර මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඡන්ද 4ක් ප්‍රතික්ෂේපිත ඡන්ද ලෙස නම් කෙරුණා,

රනිල් වික්‍රමසිංහ මහතා අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ ජනාධිපතිධූරයේ ඉතිරි ධුර කාලය ධුර දැරීම සඳහා මෙසේ රනිල් වික්‍රමසිංහ මහතා සුදුසුකම් ලැබූ බවයි පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here