දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කිරීමට රනිල් වික්‍රමසිංහගේ සැලසුමකට අනුව දියත් කර ඇති අතර ඊට එරෙහිව ප්‍රබල කැබිනට් ඇමතිවරු ගණනාවක් ම පෙළ ගැසී සිටින බව වාර්තා වේ.
(24) රාත්‍රිය වනවිට හෙළි වී තිබුණේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයන් රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාමාර්ගය අනුමත කර නොමැති බව ය.
මේ අතර, අධ්‍යාපන ඇමති සුසිිල් ප්‍රේමජයන්ත හදිසි කැබිනට් රැස්වීමෙන් පසුව මාධ්‍ය හමුවේ පැහැදිලිව ම ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කිසිදු අදාළත්වයක් නොමැති අතර ව්‍යවස්ථාදායක සභාව එම තීන්දුව සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බව ය