22 සංශෝධනය පාර්ලිමේන්තුවට..

0
39

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ලබන 26 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.

එදිනට එය ඉදිරිපත් කරනවාද නැද්ද යන්න සභානායකවරයාගේ තීරණයක් බව පැවසීය.

පසුගිය 18 වැනි දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ 22 වැනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දින 07 ක් ඇතුළත පළමු වර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

ඒ සඳහා වන ආසන්නතම දිනය ලබන 26 වැනි දා බව ද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here