හොරු තක්කඩි ටික විපක්ෂෙට යැව්වොත් රට ඉවරයි…! – උවිඳු විජේවීර…

0
17

ආණ්ඩුව වංචනිකයන්ගෙන් දූෂිතයන්ගෙන් තොර කරන්නේ නම් එවැනි ආණ්ඩුවකට වඩා සාධනීය ලෙස සහයෝගය ලබා දිය හැකි උගත් බුද්ධිමත් විපක්ෂයක් ද නිර්මාණය කළ යුතු බව දෙවන පරපුර සංවිධානයේ නායක උවිඳු විජේවීර පවසයි.

ආණ්ඩුවට හොඳ මිනිසුන් පත් කොට විපක්ෂයට හොරු තක්කඩි පත්කළහොත් රට ඉදිරියට ගෙන යෑමට නොහැකි වන බව ඔහු අවධාරණය කරයි.

ඒ සඳහා හොරකම් වංචා දූෂණ චෝදනා නැති මේ රට පාවාදීමේ චෝදනා නැති මේ භූමිය පිළිබඳ සුජාත අයිතියක් ඇති සිය පක්ෂය මැතිවරණය සඳහා තරඟ කරන බව ද උවිඳු විජේවීර ප්‍රකාශ කරයි.

රට ඉදිරියට ගෙන යෑමට උවමනා අණපනත් ගෙන ඒමේ දී වඩා සාධනීය ලෙස මැදිහත්වීම සඳහා අවශ්‍ය විපක්ෂය නිර්මාණය කිරීමට තමන් සූදානම් බව ද හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here