දුම්රිය මගීන්ගේ පහසුව උදෙසා දුම්රිය ආසන වෙන් කිරීමේ වෙලාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනූව ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට ආසන වෙන්කිරීමේ කටයුතු පෙරවරු 10.00 ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
ආසන වෙන් කිරීමේ කටයුතු දැනට රාත්රී 07.00 ට ආරම්භ වනවා.
නව සංශෝධිත වේලාව අනූව පෙරවරු 10.00ට දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.