හිස්බුල්ලා ප‍්‍රහාරයෙන් තෙල් සැපයුමට බාධා.. ලංකාවත් රත්වෙයි..

0
21

මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුධ ආතතිය මත ලෝකේ වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමේ අවධානමක් මතුව තිබේ.

ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය ඉක්මනින් අවසන් නොවී කාලයක් පැවතුණහොත් මෙම තත්ත්වය උග්‍ර විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිස්බුල්ලා සංවිධානයට සහාය දක්වන සෙසු සංවිධාන ද ඉන්ධන ප්‍රවාහන මාර්ගයන් අවහිර කිරීමකට ලක් කළහොත් එය තවදුරටත් ලෝකයේ ඉන්ධන මිල ඉහළ යාමට බලපායි.

මේ අතර ලංකා ඛනිජතෙල් නීතිය සංස්ථාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් මෙරට ඉන්ධන මිල මැද පෙරදිග ඇතිවී තිබෙන ගැටුම්වලින් බලපෑමක් ඇතිවී නැති බවයි.

නමුත් ඉදිරියේ වර්ධනය වන තත්ත්වයන් මත මෙරටටද ලෝක තත්වයට සාපේක්ෂව බලපෑ හැකි බවද ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here